දිවිපිදූ රණවිරුවන් සැමරීම සඳහා සෑම වර්ෂයකම පවත්වනු ලබන ජාතික රණවිරු සැමරුම් උත්සවය අනිද්දා (19දා) පස්වරු 02.00ට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් පාර්ලිමේන්තු ක්රීඩාංගණයේ රණවිරු ස්මාරකය අබියසදී පැවැත්වීමට නියමිතය.
මේ හේතුවෙන් එදින පස්වරු 02.00 සිට පස්වරු 07.00 දක්වා කාලය තුළ පහත සඳහන් මාර්ගවල ගමනාගමනය සීමා කරන බවත් මේ හේතුවෙන් ඒ සඳහා නම්කර ඇති විකල්ප මාර්ග භාවිත කරන ලෙසත් පොලීසිය මහජනතාවගෙන් හා රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.