එල්.ටී.ටී.ඊ. සංවිධානය නගා සිටුවීමේ කිසිදු අවස්ථාවක් හෝ කිසිදු සැමරීමකට ඉඩ ලබානොදෙන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ආර්.එම්.ඩී. රත්නායක මහතා පැවසීය.
යුද්ධය නිමකිරීමෙන් පසු හමුදා බුද්ධි අංශ තවදුරටත් ශක්තිමත් කළ බවත්, සියලුම හමුදා, පොලීසිය සහ සිවිල් අංශවල දායකත්වය උපරිමයෙන් ලැබෙන බැවින් නැවත ලංකාවේ ත්රස්තවාදයක් ඇතිවීමට කිසිසේත්ම ඉඩ නොදෙන බවත් හමුදාපතිවරයා අද (26දා) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.