තායිලන්තයේ සිට නීතිවිරෝධී ආකාරයට මෙරටට රැගෙන ආ රුපියල් දහසය ලක්ෂ අසූදහසක් (1680,000.00) වටිනා එතනෝල් තොගයක් ශ්රී ලංකා රේගුව විසින් ඔරුගොඩවත්ත රේගු අංගණයේදී අද (03දා) අත්අඩංගුවට ගෙන තිබේ.
බැරල් 80 ක අසුරා මෙම එතනෝල් තොගය රැගෙනවිත් තිබූ අතර, එම තොගය රත්මලාන ප්රදේශයේ පුද්ගලයෙකු විසින් රැගෙනවිත් තිබෙන බව රේගු පරීක්ෂණවලදී හෙළිවී ඇත.