කොළඹ කොම්පඤ්ඤවීදීය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෘත්තිය සමිති පරිශ්‍රයට බලෙන් ඇතුළු වී සේවකයින් කිහිප දෙනකුට පහර දුන්නැයි කියන සිද්ධීයක් සම්බන්ධයෙන් එජාප මන්ත්‍රී හතර දෙනකුට එළැඹෙන 27දා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (23) නොතේසි නිකුත් කළේය.
රවී කරුණානායක,අජිත් පෙරේරා, නලින් බණ්ඩාර හා ආර් යෝගරාජන් යන මන්ත්‍රීවරුන්ට මෙසේ නොතීසි නිකුතු කර තිබේ.
කොළඹ වරායේ ආරක්ෂක පුහුණු පාසලක් දේශපාලන කටයුතු සඳහා යොදාගැනීම පිළිබඳව බලාගැනීම සඳහා මන්ත්‍රී කණ්ඩායම පසුගියදා එහි පැමිණ අතර එහිදී ඔවුන් ගල් ප්‍රහාරයක් එල්ලවිය.
මාධ්‍යවේදීන් දෙදෙනෙකුද මෙයින් තුවාල ලැබූ අතර වාහනයකටද හානි සිදුවිය.