එජාපය ජනපතිගේ රුව භාවිත කරන හැටි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් අතර ගැටුමක් ඇති කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂය ඔවුන්ගේ සෑම වැඩකදීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රුව භාවිත කරන බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුරු දේවප්‍රිය මහතා සඳහන් කළේය.
මෙවැනි උපක්‍රම තුළින් එක්සත් ජාතික පක්ෂයට ජයග්‍රහණ හිමිනොවන බවදඔහු පවසා සිටියේය.
මන්ත්‍රීවරුන් 82ක් සිටින එක්සත් ජාතික පක්ෂය අද දවසේ පවා හැසිරෙන්නේ මෙරට පාලනය කරන්නේ තමන් බවට හැඟෙන ආකාරයට බවත්, එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටද මන්ත්‍රීවරුන් 82ක් සිටින බව එක්සත් ජාතික පක්ෂය දැන ගතයුතු බවත් ප්‍රධාන අමාත්‍යවරයා සඳහන් කළේය.
පවතින්නේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් බවට සඳහන් කරන සෑම දෙනෙකුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මන්ත්‍රීවරුන් 82ක් සිටින බව සේම රට පාලනය කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බවද දැනගත යුතු යැයිද හෙතෙම අද (22දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

