ආණ්ඩුව සෙලවිය හැකි ආකාරයේ මන්ත්රීවරු පිරිසක් ශ්රී ලංකා පොදුජන පෙරමුණ (නව පක්ෂය) සමග එක්වීමට සූදානම්ව සිටින බවත්, එක්සත් ජාතික පක්ෂය නායකත්වය සමග මන්ත්රීවරුන් 10 දෙනෙකු පමණ දැඩි කලකිරීමට පත්ව ඇති අතර, එම දස දෙනාත් අප සමග විධිමත් හා අවිධිමත් ආකාරයෙන් සාකච්ඡා කර ඇති බවත් ඒකාබද්ධ විපක්ෂයේ උප සභාපති රත්නපුර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී රංජිත්ද සොයිසා මහතා 'අද' පුවත්පතට විශේෂ ප්රකාශයක් කරමින් ඊයේ (27දා) පැවසීය.
මේ පිළිබව අදහස් දැක්වූ මන්ත්රීවරයා මෙසේද සඳහන් කළේය. "වර්තමාන රජය ගෙනියන ජාතික සම්පත් විකිණීම සහ රටවල් ෆෙඩරල් ක්රමයට ලක්කිරීම යන කරුණුවලට එරෙහිවත් දේශපාලන විරුද්ධවාදී මර්දනය කිරීම රාජ්ය සම්පත් විකිණීම, කම්කරු මර්දනය කිරීම, රාජ්ය සම්පත් විකිණීම, කම්කරු මර්දනය මෙන්ම මෙවැනි කරුණු සඳහා පුළුල් ජාතික පෙරමුණක් ගොඩනැගීමේ කටයුත්තක ඒකාබද්ධ පක්ෂය කරදීලා තිබෙනවා. මේ සඳහා එජාපයෙන් 10 දෙනෙකු හා ආණ්ඩුවට සම්බන්ධ ශ්රී ලංකා නිදහස් පක්ෂයේ 20 දෙනෙකු තීරණාත්මක මොහොතකදී අප සමග එකතු වීමට සූදානම් බවට අප හා පැවසුවා"
බලංගොඩ - රෝහණ වසන්ත