අමාත්‍ය මණ්ඩල සංශෝධනය පිළිබඳ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණයක් ගනු ඇතැයි බොහෝදෙනා විශ්වාසය තබා සිටියද ඊයේ (08දා) පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ඒ පිළිබඳ සාකච්ඡා වී නොමැති බව වාර්තා වේ.
එක්සත් ජාතික පක්ෂය ප්‍රතිසංවිධානය කිරීම සඳහා කමිටු පත්කිරීමට ඊයේ (08දා) පැවැති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කර තිබේ.
ඒ අනුව පක්ෂය වෙනුවෙන් සමාජ මාධ්‍යජාල ප්‍රචාරණ ව්‍යාපාරය සඳහා කමිටුවක් පත්කර ඇති අතර, අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ප්රමුඛ පක්ෂයේ තරුණ නායකයන් ඒ වෙනුවෙන් පත්කර තිබේ.
මැතිවරණ සඳහා පක්ෂය සූදානම් කිරීම සහ පක්ෂයේ අභ්‍යන්තර කටයුතු පාලනය කිරීම සඳහා අමාත්‍යවරුන් වන සජිත් ප්‍රේමදාස, ලක්ෂ්මන් කිරිඇල්ල, මංගල සමරවීර, වජිර අබේවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත කමිටුවක් පත්කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ ප්රතිසංන්ධානය පිළිබඳ විදේශ විශේඥ ආයතනයකින් උපදෙස් ලබාගැනීමට පක්ෂය තීරණය කර ඇති අතර, එලෙස ලබාගත් උපදෙස් ඇතුළත් වාර්තාවක් සැකසීමටද කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කරගෙන තිබේ.
එමෙන්ම පක්ෂයේ තනතුරු වෙනස් කිරීමට ප්‍රථම පක්ෂයේ ශාඛා සංවිධාන ශක්තිමත් කරමින් ප්‍රතිසංවිධානය සිදුකළ යුතු බවටද මෙහිදී සාකච්ඡා වී ඇති තිබේ.
අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩල හමුව පැවැති අතර, මැයි දිනය සාර්ථක කරගැනීමට දායකවීම සම්බන්ධයෙන් අගමැතිවරයා කෘත්‍යාධිකාරී මණ්ඩලයට සිය ස්තුතිය පළකර තිබේ.