එක්සත් ජාතික පක්ෂය විසින් පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා %අද^ පුවත්පතට පැවසීය.
පක්ෂය තුළ ඇතිවී ඇති අර්බුද පක්ෂය තුළම විසඳා ගැනීමට කටයුතු කරන බවත්, එසේ නොමැතිව විශ්වාසභංග යෝජනාවත් ඉදිරිපත්කිරීමට අදහසක් නොමැති බවත්%අද^ කළ විමසීමකදී වසන්ත සේනානායක අමාත්‍යවරයා සඳහන් කළේය.
විපක්ෂය විසින් අද(06දා) දිනයේදී විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත්කිරීමට සුදානම්වන බවට වාර්තාවී ඇති නමුත් ඒ පිළිබඳවද එක්සත් ජාතික පක්ෂය මෙතෙක් තීරණයක් ගෙන නොමැතිබවද අමාත්‍යවරයා කීවේය.
"එක්සත් ජාතික පක්ෂයෙන් විශ්වාසභංගයක් ඉදිරිපත්කරන්නේ නැහැ. අපිට ආරංචියි විපක්ෂයෙන් විශ්වාසභංගයක් ඉදිරිපත්වෙනවා කියල. නමුත් ඒ සම්බන්ධයෙන් පක්ෂය මෙතෙක් තීරණයක් අරගෙන නැහැ. අපේ ප්‍රශ්න පක්ෂය ඇතුළේ කතාකරලා විසඳාගන්න පුළුවන්වෙයි කියා බලාපොරොත්තු වෙනවා. එහෙම බැරිඋනොත් අපි එතැනට තල්ලුවෙයිද කියන දේ මම දන්නෙ නැහැ. නමුත් අපි මෙතෙක් පැහැදිලි තීරණයක් අරගෙන නැහැ" යනුවෙන් අමාත්‍යවරයා ප්‍රකාශකළේය.