එක්සත් ජාතික පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය එක්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විරුද්ධව මහරගම ආසනය පුරා මඩ ප්‍රචාරයක් ගෙන යමින් සිටින බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා අද(20දා) පැවසීය.
මහරගමදී පොදුජන පෙරමුණේ නාමයෝජනා ලැයිස්තු ප්‍රතික්ෂේප වීමට තමාගේ සම්බන්ධයක් ඇතැයි එම පාර්ශ්ව පවසන බවත්,එවැන්නක් සිදුකිරීමට තමාට කිසිදු උවමනාවක් නැති බවත් මහඇමතිවරයා සඳහන් කළේය.
ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ කුමන මඩ ප්‍රචාර දියත් කළද තමාගේ ජනප්‍රියතාවට එමගින් බලපෑමක් කිරීමට නොහැකි බවයි.