එක්සත් ජාතීන්ගේ දේශපාලන අංශ ප්‍රධානී ජෙෆ්රි ෆෙල්ට්මන් මහතා මෙම සතිය තුළ ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය. ඒ මුස්ලිම් විරෝධී අරගල හේතුවෙන් රජයට හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කිරීමට සිදුවීම හේතුවෙනි.
ෆෙල්ට්මන් මහතා දින තුනක සංචාරයක් වෙනුවෙන් ලබන සිකුරාදා (09දා) දිවයිනට පැමිණීමට නියමිත අතර, එහිදී දේශපාලන නායකයින් සමග කතාබහක නියැලීමටත් අරගල සිදුවූ මහනුවර දිස්ත්‍රික්කයට පැමිණීමටත් නියමිතය.
එක්සත් ජාතීන්ගේ මාධ්‍ය ප්‍රකාශක ස්ටෙෆාන් ඩුජාරික් පවසන්නේ මෙම සංචාරය, මෙම හදිසි තත්තවය උද්ගත වීමට පළමුව තීරණය කර තිබූළුක් බවයි.
"අප මෙම සිදුවෙමින් පවතින අරගලවල වාර්තා සම්බන්ධයෙන් සැළකිලිමත් වෙනවා. ඒ වගේම අප රජය මෙම තතත්වයට නිසි විසඳුම් ලබාදී සංහිඳයාව ඇති කරන්නට ගන්නා උත්සාහයන් අගයනවා. අපි ශ්‍රී ලාංකිකයන්ට මෙම තත්ත්වය සාකච්ඡා මගින් සමනය කරගන්නට අයැද සිටිනවා" යනුවෙන් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
AFP ඇසුරෙනි.