එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටෙරෙස් මහතා විසින් වෙසක් මංගල්‍යය වෙනුවෙන් සුබ පැතුම් එක්කර තිබේ.
බුදුරජාණන් වහන්සේගේ උපත ගෞරවයෙන් සිහි කිරීම උදෙසා වෙසක් උත්සවය සමරණ ලොව පුරා සියලු බෞද්ධයන් වෙත මාගේ හද පිරි සුභාසිංශන පුද කරමි. ඕනෑම අයෙකුට උන්වහන්සේගේ උදාර වූ ජීවිතය ආදර්ශයට ගෙන තමන්ගේ ජීවිතය සකසා ගත හැකිය. සියලු සැප සම්පතින් ආඪ්‍ය වූ කුමරෙකු ලෙස ඉපිදුනත්, ලොව දුකින් පීඩා විදින සියලු සත්වයන් හට සුව සැලසීම සඳහා උන්වහන්සේ ගිහිගෙයින් පවා නික්ම ගියහ.
උන්වහන්සේ දුන් බොහෝ පණිවුඩ සදාකාලිකය. අප මේ ජීවත් වන එකිනෙකා හා සම්බන්ධවූ ලෝකයේ, තවකෙකු දුකින් පෙළෙන විට, අනාරක්ෂාවෙන් මෙන්ම පීඩාවෙන් පෙළෙන විට කිසිසේත්ම අප තුළ සැනසීමක් ඇතිවිය නොහැකිය. සියලුම මනුෂ්‍යයෝ ඔවුන්ගේ මිනිස් අයිතිවාසිකම් භුක්ති නොවිඳනා තාක් කල් තිරසාර අනාගතයක් අපේක්ෂා කළ නොහැකිය. මේ උතුම් වෙසක් දිනයේදී ලොව වෙසෙන මිනිසුන් වෙනුවෙන් යහපතක් සිදුකරමින් ගෞතම බුදුන් වහන්සේ වෙත ලබා දිය හැකි ඉහළම ගෞරවය ලබා දෙමු.