එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ දේශපාලන පක්ෂ හා සංවිධාන 22 ක් සහිත එක්සත් ජාතික පෙරමුණ අලියා ලකුණෙන් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් කරන සියලු අපේක්ෂක ලැයිස්තු පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (19දා) අනුමත කර තිබේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අවසන් අනුමැතිය ලැබූ එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂක ලැයිස්තු සඳහා එක්සත් ජාතික පක්ෂ මහලේකම්, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබිර් හෂීම් මහතා විසින් අත්සන් තැබීම ඊයේ (19දා) පස්වරුවේසිදුකෙරිණි.
එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ එක්සත් ජාතික පෙරමුණෙන් අලියා ලකුණ යටතේ පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා පක්ෂ හා සංවිධාන 22 ක් ඉල්ලා තිබුණු හෙයින් අපේක්ෂක ලැයිස්තු සැකසීම අවසන් මොහොත දක්වා දැඩි අර්බුදයක පැවැති බව එක්සත් ජාතික පක්ෂ සන්නිවේදන බළකා අධ්යක්ෂ ජනරාල් සුදත් චන්ද්‍රසේකර මහතා ප්‍රකාශ කළේය.
එක්සත් ජාතික පෙරමුණේ හවුල්කාර පක්ෂ නායකයන් හා අනෙක් සංවිධාන නියෝජිතයන් සමග අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැත්වූ සාකච්ඡාවෙන් පසු සියලු ලැයිස්තු සකස් කර අවසන් කිරීමට හැකිවූ බවද සුදත් චන්ද්‍රසේකර මහතා වැඩිදුරටත් කීවේය.