පසුගිය වසර තිහ තුළ ශ්‍රී ලංකාව ඇතුළුව ලෝකය පුරා එල්.ටී.ටී.ඊ. සංවිධානය හා දෙමළ ඩයස්පෝරාව කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සැකසූ වාර්තාවක් එංගන්තයේ ගෝලීය ශ්‍රී ලංකා සංසදය විසින් එරට ආරක්ෂක අමාත්‍ය ටෝබියස් එල්වූඩ් මහතාට අද (11දා) භාර දුන්නේය.
ලන්ඩනයේ වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තු සංකීර්ණයේදී භාරදුන් මෙම වාර්තාව තුළ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට ඇති වූ සිද්ධිය මත බ්‍රිතානයයේ වෙසෙනෙ ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධව විශේෂයෙන් සඳහන් කර ඇතැයි ගෝලීය ශ්‍රී ලංකා සංසදය පවසයි.
එංගන්තයේ ගෝලීය ශ්‍රී ලංකා සංසඳයේ සම සභාපති ඉන්දික ගුණසේකර, ලේකම් මැණික් මාලියැද්ද, කමිටු සමාජික මෙන්ඩිස් යන මහත්ම මහත්මීහු මෙම වාර්තාව භාර දීමේ අවස්ථාවට එක්ව සිටියහ.