ඌව පළාත් ප්රමුඛ දේශපාලනඥයෙකු විසින් ඌව පළාත් සභාව යටතේ පාලනය වන බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයක විදුහල්පතිනියක් තම නිල නිවසට කැඳවා දණ ගස්වා ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පවසයි.
එහි විධායක අධ්යක්ෂ කීර්ති තෙන්නකොන් මහතා අධ්‍යාපන ලේකම්වරයාට හා ලිපියක් යොමුකරමින් පවසන්නේ දේශපාලඥයා විසින් සිසුවියක් ඇතුළත් කිරීමට විදුහල්පතිනියට බලපෑම් කර ඇති බවයි.
දමිළ බාලිකා විද්‍යාලයට සිසුවියක් ඇතුළත් කරගැනීම සඳහා සිසුවියගේ දෙමව්පියන් විසින් අදාළ දේශපාලනඥයාගේ ලිපියක් රැගෙන විදුහල්පතිනිය හමුවීමට ගොස් ඇති අතර අදාළ විදුහල්පතිනිය එම ලිපිය ප්‍රතික්ෂේප කරමින් පවසා ඇත්තේ තමන් බැඳී සිටින්නේ දේශපාලඥයන්ගේ නියෝග ක්‍රියාත්මක කිරීමට නොවන බවයි.
අධ්‍යාපන අමාත්‍යංශ බලධාරීන්ගේ නියෝගවලට අනුව පමණක් තමන් කටයුතු කරන බව මෙම විදුහල් පතිනිය අදාළ දෙමව්පියන්ට දන්වා තිබේ.
මේ බව එම දෙමව්පියන් විසින් එම දේශපාලනඥයාට දැන්වීමෙන් පසුව පළාත් අධ්‍යාපන බලධාරීන් හරහා එම විදුහල්පතිනිය බදුල්ලේ පිහිට තම නිල නිවසට ගෙන්වා ගෙන තමන්ගෙන් වැඳ සමාව ගන්නා ලෙස අදාළ විදුහල්පතිනියට දැන්වීමෙන් අනතුරුව බලහත්කාරයෙන් වන්දවා ගෙන ඇති බව එම ලිපියේ වැඩිදුරටත් දැක්වෙයි.