උමාඔය ව්‍යාපෘතියෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි තීන්දු තීරණ රැසක් ගෙන තිබේ.
ඒ අනුව උමා ඔය ව්‍යාපෘතිය ආශ්‍රිතව පැනනැගී ඇති ගැටලුකාරී තත්ත්වයට කඩිනම් විසඳුම් සෙවීම පිළිබඳ නිලධාරී මට්ටමේ විශේෂ සාකච්ඡාවක් පසුගියදා බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති අතර එහිදී මෙම තීරණ ගෙන තිබේ.
ව්‍යාපෘතිය හේතුවෙන් බණ්ඩාරවෙල, ඇල්ල, වැලිමඩ, ඌව පරණගම හා හපුතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පිහිටි ග්‍රාම නිලධාරී වසම් 32ක පදිංචි ජනතාව මුහුණදී තිබෙන පානීය ජල, නිවාස, වගා හානි, නිවාස අහිමිවීම් යනාදී ගැටලුවලට කඩිනම් විසඳුම් සෙවීම සහ එම සහන ක්‍රියාමාර්ග සඳහා කාලරාමු සහිතව ක්‍රියාත්මක සැලැසුමක් සකස්කර එක්එක් රාජ්‍ය ආයතනවලට වගකීම් පැවරීම මෙහිදී සිදුකෙරිණි.
01.වන්දි ගෙවීමේ ක්‍රියාවලිය කිරීම් අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් වන්දි ගෙවීමේ කටයුතු සිදුකිරීමට තීරණය කිරීම සහ ඒ සඳහා මූලික වශයෙන් රුපියල් මිලියන 300ක ප්‍රතිපාදන දිස්ත්‍රික් ලේකම්වරයා වෙත නිදහස් කිරීම.
කාල රාමුව - 2017-07-30 වන දිනට පෙර
වගකීම - දිස්ත්‍රික් ලේකම්, බදුල්ල / ප්‍රධානි, ජන සහන ලේකම් කාර්යාලය ව්‍යාපෘති අධ්යක්ෂ, උමා ඔය ව්‍යාපෘතිය
02. ව්‍යාපෘතිය හේතුවෙන් හානියට පත් කුඩා වැව් 06ක් ඉදිරි වර්ෂා සමයට ප්‍රථම ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් මිලියන 100ක උපරිමයකට යටත්ව ප්‍රතිපාදන නිදහස් කිරීම සහ අදාළ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කිරීම.
කාල රාමුව - ප්‍රතිපාදන නිදහස් කිරීම, 2017-07-20 වන දිනට පෙර සිදුකළ යුතු අතර, ප්රතිසංසරකරණ අවසන් කිරීම 2017-10-30 වැනිදාට පෙර සිදුකළ යුතුය.
වගකීම - ප්‍රධාන ලේකම්, ඌව පළාත
03. ඉදිරි නියං තත්ත්වයට මුහුණදීම සඳහා දැනට පවතින ජල මූලාශ්‍රවලට අමතරව සුදුසු ස්ථාන ආශ්‍රිතව නිසි අධ්‍යනයක් සිදුකර විශාල ප්‍රමාණයේ නළ ළිං 06ක් ඉදිකිරීම.
කාල රාමුව - 2017-08-31 දිනට පෙර
වගකීම - ජලසම්පත් මණ්ඩලය
04. මේ වනවිට ජල ටැංකි සපයා නොමැති සියලු පවුල් සඳහා අවශ්‍ය ජල ටැංකි සපයා දීම
කාල රාමුව - 2017-07-30 දිනට පෙර
වගකීම - ප්‍රධාන ජනසහන ලේකම් කාර්යාලය
05.දැනට වැඩ නිමවෙමින් පවතින ජල යෝජනා ක්‍රම අවසන් කර සම්බන්ධතා ගාස්තු අයකිරීමකින් තොරව ජලය සැපයීම.
කාල රාමුව - 2017-08-15 දිනට පෙර
වගකීම - ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය
06.දැනට යොදවා ඇති ජල බවුසර්වලට අමතරව ට්‍රැක්ටර් බවුසර් 10ක් සැපයීම
කාලරාමුව - 2017-07-15 වන දිනට පෙර
වගකීම - ස්වදේශ කටයුතු අමාත්‍යාංශය
07. නැවත පදිංචි කිරීම සඳහා හඳුනා ගෙන ඇති ක්‍රේග් වත්ත ඉඩම් කොටස කඩිනමින් නිදහස් කිරීම.
කාල රාමුව - 2017-07-15 වන දිනට පෙර
වගකීම - ලේකම්, වැවිල් කර්මාන්ත අමාත්‍යාංශය / දිස්ත්‍රික් ලේකම්, බදුල්ල
08.හානියට පත් නව නිවාස ආශ්‍රිතව වන්දි තක්සේරු කාර්යයන් කඩිනමින් අවසන් කිරීම.
කාල රාමුව - 2017-08-17 වන දිනට පෙර
වගකීම - ප්‍රධාන තක්සේරුකරු
09.හානියට පත් ග්‍රාමීය මාර්ග පුනරුත්ථාපනය සඳහා රුපියල් මිලියන 100ක විශේෂ ප්‍රතිපාදන ඌව පළාත් සභාව වෙත ලබාදීම හා අදාළ සියලු ප්‍රතිසංස්කරණ වර්ෂා සමයට පෙර අවසන් කිරීම.
කාල රාමුව - මුදල් වෙන්කරදීම 2017-07-20 වන දිනට පෙර සිදුකළ යුතු අතර ප්‍රතිසංස්කරණය කිරීම 2017-11-30 වන දිනට පෙර
වගකීම - මුදල් වෙන්කර දීම - ජාතික අයවැය දෙපාර්තමේන්තුව, ප්‍රධාන ලේකම්, ඌව පළාත / පළාත් මාර්ග අධිකාරිය
10. හානියට පත් පාසල් 18ක් කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම.
කාල රාමුව - 2017-11-30 ට පෙර
වගකීම - ප්‍රධාන ලේකම්, ඌව පළාත/ පළාත් අධ්‍යාපන ලේකම්, ඌව පළාත
11. විසල් බණ්ඩාරවෙල ජල යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා මූල්‍ය ප්‍රතිපාදන සැපයීම.
කාල රාමුව - 2018 මුදල් වර්ෂයේදී
වගකීම - ජාතික අයවැය දෙපාර්තමේන්තුව / ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය
12.හානියට පත් පවුල් විසින් දැනට ගෙවීමට ඇති නිවාස ණය, වගා ණය වාරික ගෙවීම සඳහා වසර 02ක සහන කාලයක් ලබාදීම.
කාල රාමුව - කඩිනමින්ම
වගකීම - මුදල් අමාත්‍යාංශය
13.නැවත පදිංචි කිරීම සඳහා මේ වනවිට හඳුනා ගෙන ඇති ක්‍රෙග් වත්තේ පදිංචියට ස්ථිර නිවාස ඉදිකරන තෙක් දැනට ගෙවන ලද මාසික කුලී දීමනාව වෙනුවට එම භූමිය ආශ්‍රිතව තාවකාලික නිවාස අවශ්‍ය නම් අදාළ පවුල්වල එකඟතාව මත එම ඉදිකිරීම් සිදුකිරීම.
කාල රාමුව - කඩිනමින්ම
වගකීම - ප්‍රාදේශීය ලේකම්, බණ්ඩාරවෙල
14. බදුල්ල දිස්ත්‍රික්කයේ මෙන්ම මොනරාගල දිස්ත්‍රික්කය ආශ්‍රිතව සිදුකෙරන සහන කටයුතු කාර්යක්ෂමව පවත්වා ගෙන යෑම සඳහා ජන සහන ලේකම් කාර්යාලය ශක්තිමත් කිරීම.
කාල රාමුව - 2017/08/30 දිනට පෙර
වගකීම - ලේකම්, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව