අන්තරේ හිටපු කැඳවුම්කරුවකු වන නීතිඥ උදුල් ප්‍රේමරත්නට පහරදුන් බව කියන ප්‍රභූ ආරක්ෂකයන් ලෙස සේවය කළ හය දෙනකු අද (19) අත්අඩංගුවට ගෙන තිබේ. 2012 පෙබරවාරි 25 වැනිදා යතුරුපැදියකින් කොළඹ දෙසට ගමන් කරමින් සිටියදී ප්‍රභූ ආරක්ෂක රථයකින් පැමිණි එම පිරිස තමාට ටී 56 ගිනි අවියක් පෙන්වා ප්‍රභූ වාහනයට ඉඩ දෙන ලෙස තර්ජනය කළ බවත් සිය මුහුණට පහරදුන් බවත් කියමින් උදුල් ප්‍රේමරත්නට පොලිසියට පැමිණිලි කර තිබිණි. වැල්ලවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.