ශ්‍රී ලංකා ගුවන් හමුදාවට මිග් යානා මිලදී ගැනීමේදී මුදල් විශුද්ධිකරණ පනත යටතේ අක්‍රමිකතාවක් සිදුකළැයි පැවසෙන රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාගේ නමින් බැංකු සහ මූල්‍ය සමාගම්වල පවත්වාගෙන යන ගිණුම් 16ක් අත්හිටුවීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද (04දා) නියෝග කළාය. උදයංග වීරතුංග මහතා සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය කළ ඉල්ලීමක් පිළිගත් මහේස්ත්‍රාත්වරිය එලෙස නියෝග කළාය.