උතුර ජාත්‍යන්තර පරික්ෂණයක් ඉල්ලයි
ශ්‍රී ලංකාවේ සිදුවුණු යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් පමණක් පැවැත්විය යුතු බවට වන යෝජනාවක් උතුරු පළාත් සභාව ඊයේ (01 දා) සම්මත කරගෙන තිබේ.
මෙම යෝජනාව සභාව වෙත ඉදිරිපත් කොට ඇත්තේ උතුරු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේස්වරන් විසිනි.
මෙම යෝජනාව සම්මතවීමෙන් පසුව එය විශේෂ ලියවිල්ලක් වශයෙන් ජිනීවා මානව හිමිකම් මණ්ඩලය වෙත යැවීමට කටයුතු යොදන බව උතුරු පළාත්සභාවේ සභාපති සී.වී.කේ.ශිවඥානම් පැවසීය.
මෙම යෝජනාව ඒකමතිකව සම්මත වූ බවත් ඊට විපක්ෂයේ පිරිස් විරුද්ධ නොවූ බවත් ශිවඥාණම් කියා සිටි නමුත් කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව ප්‍රධාන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ එම යෝජනාවට විපක්ෂය විරුද්ධ වූ බව උතුරු පළාත්සභාවේ එක්සත් ජනතා සන්ධානයේ මන්ත්‍රී වන්නිහාමිගේ ජයතිලක කියා සිටියේය.
විපක්ෂයේ මන්ත්‍රීවරුන් පස්දෙනෙකුම වරින්වර සභාවෙන් නැගිට මෙම යෝජනාවට විරුද්ධ බව ප්‍රකාශ කළේ රජය විසින් යුද අපරාධ සම්බන්ධයෙන් සිදුකිරීමට නියමිත අභ්‍යන්තර පරීක්ෂණය ප්‍රමාණවත් වන බවට ඇමරිකාව පවා තීන්දු කොට තිබියදී උතුරු පළාත් සභාව පමණක් ඊට විරුද්ධවීම නිශ්ඵල ක්‍රියාවක් බව පවසමින් යැයිද ජයතිලක මන්ත්‍රීවරයා සදහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

