උතුරු පළාතේ සිදුවන අපරාධවල නියම වරදකරුවන් සොයා ගැනීමට නොහැකි වුවහොත් රටේ බහුතර ජනතාව තුළ දෙමළ ජනතාව කෙරෙහි සැකයක් උපදින බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේස්වරන් මහතා පවසා සිටියේය.
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා මේ බව පැවසුවේ, කිළිනොච්චිය ඉයක්කච්චි නව වෙළෙඳ සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.
කිළිනොච්චි ප්‍රදේශයේ කෘෂිකර්මාන්තය නගාසිටුවීමටත් ජනතාවගේ ආර්ථිකය වැඩිදියුණු කරවීමේත් පියවරක් වශයෙන් රුපියල් මිලියන 14.7ක වියදමින් මෙම නව වෙළෙඳ සංකීර්ණය විවෘත කිරීමට පියවර ගෙන තිබේ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රධාන අමාත්‍යවරයා පවසා සිටියේ, “පසුගියදා කිළිනොච්චියේ විඩි තැබීමේ සිද්ධියේදීත් නියම අපරාධකරුවන් අල්ලා ගත යුතුයි. එසේ නොමැති නම් රටේ ඉන්න බහුතර ජනතාව, උතුර උතුරේ දෙමළ ජනතාව කෙරෙහි සැකයක් හා ක්‍රෝධයක් ඉපදවීමට හේතු වෙනවා. මේ ගැන රජය අවධානය යොමුකළ යුතුයි.’’ යනුවෙනි.