උතුරු සබේ 2018 වසරේ අයවැය ඒකමතිකව සම්මත වෙයි
උතුරු පළාත් සභාවේ 2018 වර්ෂය සඳහා වන අයවැය ඊයේ (14දා) සවස ඒකමතිකව සම්මත වී තිබේ.
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය, පළාත් මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍ය සී.වී.විග්නේශ්වරන් මහතා විසින් අයවැය පළාත් සභාවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින තුනක විවාදයෙන් පසුව අයවැය සම්මත විය.
මේ අනුව යාපනය කයිතඩි පිහිටි පළාත් සභා සංකීර්ණයේදී පසුගිය (12දා) ආරම්භ කරන ලද පළාත් සභා අයවැය විවාදය අයවැය ඒකමතිකව සම්මත වීමෙන් පසුව අවසන් විය.
අයවැය යෝජනාව පළාත් සභාවට ඉදිරිපත් කරමින් විග්නේශ්වරන් මහතා පැවසා සිටියේ එළඹෙන වර්ෂය වෙනුවෙන් රුපියල් මිලියන 26,754 ක මුදලක් උතුරු පළාත් සභා සංවර්ධන කටයුතු වෙනුවෙන් වෙන්කොට පවතින බවටයි.
පළාත් සභා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු සියලු දෙනා අයවැය වෙනුවෙන් සහයෝගය පළ කළහ.
අයවැය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විග්නේශ්වරන් මහතා පැවසුවේ පළාත් සභා ධුර කාල සීමාවේ අවසන් වර්ෂය වන 2018 වසරේ උතුරු පළාතේ සංවර්ධනය වෙනුවෙන් පළාත් සභා නියෝජිතයන් සියලු දෙනා කැපවීමෙන් කටයුතු කළ යුතු බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


