යාපනය, කිලිනොච්චි හා මුලතිව් දිස්ත්‍රික්කයන්හි දේශපාලන පක්ෂ කිහිපයකටම අයත් අපේක්ෂකයන් කිහිප දෙනෙකු සිය ප්රචාරක කටයුතු සඳහා ජාතිවාදී හා එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් ප්‍රචලිත කළ ගීත යොදාගැනීම නවතා දමන ලෙස කැෆේ සංවිධානය ඉල්ලා සිටියි.
යාපනය ඥානම් ශාලාවේ පැවති ඡන්ද විමසීමට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ රැස්වීමක් ඇමතු කැෆේ විධායක අධ්යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා මෙසේ පැවසීය.
"යාපනය, කිලිනොච්ච් හා මුලතිව් පළාත් පාලන ආයතන සඳහා අපේක්ෂකයන් කිහිප දෙනෙකුම එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් ප්‍රචලිත කළ ගීත සිය මැතිවරණ ව්‍යාපාරය සඳහා යොදා ගන්නා බව අප නිරීක්ෂණය කළා. එල්.ටී.ටී.ඊ විමුක්ති ගීත මැතිවරණ ප්රචාරයට යොදා ගැනීම මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමක් පමණක් නොව රටේ නීතියද උල්ලංඝන කිරීමක්. මෙතැන සිටින සියලුම අපේක්ෂකයන්ගෙන් හා දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලින් මැතිවරණ නීතියත්, රටේ නීතියත් ගරු කරමින් මැතිවරණ ප්රචාරක කටයුතු සිදුකරන ලෙස කාරුණිකව ඉල්ලනවා."
උතුරු පළාතේ සමහර ප්‍රදේශවල පළාත් පාලන ඡන්ද විමසීමක් පැවැත්වෙන්නේ වසර 67කට පසුවය. ඡන්දයට ඉදිරිපත් වන දේශපාලන පක්ෂ හා කණ්ඩායම් කිහිපයක් ජාතිවාදී ගීත පමණක් නොව, එල්.ටී.ටී.ඊ සංවිධානය මගින් ප්‍රචලිත කළ ගීත පවා මැතිවරණ ව්‍යාපාරයට යොදා ගන්නවා. මැතිවරණ නීතියත්, රටේ නීතියත් ගරු කිරීම උතුරු පළාතේ පමණක් නොව රටේම ඡන්දයට ඉදිරිපත්වන අපේක්ෂකයන්ගේ වගකීමක් බව කැෆේ සංවිධානය අවධාරණය කරයි.