පළාත් සභා වෙත බලතල පැවරීම ආණ්ඩුව විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් උතුරු පළාතේ ගැටලු රැසක් උද්ගත වී ඇතැයි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා පවසයි.
ප්‍රධාන අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ, ඊයේ (12දා) යාපනය මාධ්‍ය මධ්‍යස්ථානයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.
ඉඩම් ඇතුළු අදාළ බලතල මධ්‍යම රජය වෙත පවරා ගැනීම තුළින් අදාළ පළාත්හි පවතින ගැටලුවලට කිසිදු දිනෙක විසඳුම් ලබාගත නොහැකි බවත්, මධ්‍යම රජය සතු ඉඩම් බලතල හා හිමිකම් පළාත් සභා වෙත පැවරීම තුළින් උතුරේ ඉඩම් ඇතුළු විවිධ ගැටලු සඳහා විසඳුම් ලබාගැනීමට හැකියාවක් පවතින බවත් ප්‍රධාන අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.