උතුරු පළාත තුළ පුරාවිද්‍යා ගවේෂණය තුළින් පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් ස්ථාන 339 ක් පමණ මේ වනවිට සොයාගෙන ඇති බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව මුලතිව් දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්ථාන 125 ක්, වවුනියා දිස්ත්‍රික්කයේ 68 ක්, මන්නාරම් දිස්ත්‍රික්කයේ 67 ක්, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ 15 ක් බැගින් මේ වනවිට අනාවරණය කරගෙන තිබේ.
උතුරු පළාතේ සංවර්ධනය හමුවේ පුරාවිද්‍යා ස්මාරක විනාශ වීම වළක්වා ගැනීමේ අරමුණින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ගවේෂණ ආරම්භ කර ඇති අතර, ගවේෂණයේ 16 වැනි අදියර වවුනියාව දිස්ත්‍රික්කයේ ආරම්භ කර තිබේ.
ගවේෂණ සිදුවන්නේ පුරාවිද්‍යා පර්යේෂණ සහකාර කල්ප අසංග මහතා ඇතුළු ගවේෂණ කණ්ඩායමක ප්‍රධානත්වයෙනි.