බෙංගාල බොක්ක ප්රදේහයේ පවතින අඩුපීඩන තත්ත්වය ඉන්දියාව දෙසට ගමන් කළත් හෙට (08දා) රාත්‍රී8.00 දක්වා උතුරු, නැගෙනහිර මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවලට නොයන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
එහෙත් උතුර හා නැගෙනහිර මුහුදු වෙරළවල්වලට ඇතුලිවිය නොහැකි ලෙසට නිකුත් කර තිබූ අනතුරු ඇඟවීම් ඉවත් කර ගන්නා බවත්, මේ නිසා අද (08දා) උදේ සිට මුහුදු වෙරළ භාවිතා කළ හැකි බවද එම ස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.
ධීවර කටයුතුවලට නොයන ලෙස නිකුත් කර තිබෙනා, අනතුරු ඇඟවීම් ඉවත් කර ගන්නවාද නැද්ද යන්න හෙට රාත්‍රියේ ප්‍රකාශයට පත් කරන බවද පවසා සිටියේය.
පවතින අඩුපීඩන තත්ත්වය ත්‍රිකුණාමල මුහුදේ සිට මීට 900ක් ඊසාන දෙසින් ස්ථානගතව තිබෙන බවත්, ඉදිරි පැය 24තුලදී පීඩන අවපාතයක් බවට පත්ව බෙංගාල බොක්ක මුහුදු ප්‍ර‘දේශයෙන් උතුරු දිශාවට බරව වයඹට ගමන් කරන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.