උතුරු නැගෙනහිර ඉඩම් පිළිබඳව විශේෂ සාකච්ඡාවක්, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතාගේ සහභාගිත්වයෙන් හා බන්ධනාගාර පුනරුත්තාපන නැවත ප්‍රතිසංස්කරණ අමාත්‍ය ඩී.එම් ස්වාමිනාදන් මහතාගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක අමාත්‍යාංශයේදී අද (24දා) පැවැත්විණි.
ඒ අනුව මෙම සාකච්ඡාවේදී යුද සමයේ වළදමා තිබූ බිම් බෝම්බ ඉවත්කර උතුරු නැගෙනහිර සාමාන්‍ය ජනයා වෙත නිදහස් කර ඇති ඉඩම් පිළිබඳව මෙන්ම, දැනට යම් ගැටලු පැනනැගී ඇති ඉඩම් පිළිබඳව සැකච්ඡාව පැවැත්වූ අතර, ජාතික ආරක්ෂාව ප්රමුඛ කරුණක් ලෙස සලකා ඊට අදාළ වන ඉඩම් හැර ඉදිරියේදී තවදුරටත් නිදහස් කිරීමට හැකි ඉඩම් පිළිබඳව හා එම ඉඩම් පවතින ප්‍රදේශවලට ගොස් සාකච්ඡා කිරීමටද එහිදී එකඟතාව පළවිය.
මීට අමතරව උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල වෙසෙන මහජනතාවට සහ වෙනත් පුද්ගලයන්ට නීත්‍යානුකූලව අයිතිය ඇති ඉඩම් මෙන්ම රජයේ විවිධ ආයතන පවත්වාගෙන ගිය ගොඩනැගිලි ඉදිරි කාලයේදී ලබාදීමට කටයුතු කරන බවත් මෙහිදී ප්‍රකාශ විය.
මේ සඳහා ආරක්ෂක අමාත්‍යාංශය නියෝජනය කරමින් ආරක්ෂක ලේකම් කරුණාසේන හෙටිට්ආරච්චි මහතා ඇතුළු අතිරේක ලේකම්වරුද, ත්‍රිවිද හමුදා සහ පොලිස් ප්‍රධානීන් හා උතුරු නැගෙනහිර ප්‍රදේශ නියෝජනය කරන ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ.