මගී ජනතාවගෙන් ලද ඉල්ලීම් අනුව උතුරු හා නැගෙනහිර මාර්ගයේ දුම්රිය කාලසටහන සංශෝධනය කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව නව කාලසටහන ලබන 12 වන දා සිට ක්‍රියාත්මක වන වන බව දුම්රිය ගමනා ගමන අධිකාරී විජය සමරසිංහ මහතා පැවසීය. ජනතාවට යහපත් නම්‍යශීලී ප්‍රවාහන රටාවක් හඳුන්වා දීමේ අරමුණින් කාලසටහන සංශෝධනය කරන බව ද හෙතෙම වැඩිදුරටත් පැවසීය