උතුරුමැද පළාතේ හයවන පළාත් සභාවේ පස්වැනි අය-වැය වාර්තාව වන 2017 වර්ෂය සඳහා වූ අයවැය වැඩි ජන්ද විසි නවයකින් පෙරේදා (09දා) සම්මත විය. උතුරු මැද පළාත් සභා ඉතිහාසයේ වැඩිම ජන්ද ප්රමාණයකින් අයවැයක් සම්මත වූ ප්රථම අවස්ථාව ලෙස මෙවර අයවැය වාර්තාව ඉතිහාසයට එක්වෙයි.
නුරාධපුරය හා පොළොන්නරුව දිස්ත්රික්ක තිරසාර සංවර්ධනයක් කරා ගෙන යාමට දස අවුරුදු සංවර්ධන සැලැස්මක් යොජනා කරමින් මෙවර අයවැය ඉදිරිපත් කරනි. ඒ සඳහා දේශිය මෙන්ම විදේශිය විශේෂඥයින්ගේ සහය ලබාගෙන තිබේ.
අයවැයට පක්ෂව ජන්ද 30 ක් ප්රකාශ කෙරුණු අතර විරුද්ධව ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්රි වසන්ත සමරසිංහ මහතා පමණක් ඡන්දය ප්රකාශ කළේය.