ඉදිරි උත්සව සමය වෙනුවෙන් පාරිභෝගිකයන් රැක ගැනීම සඳහා වෙළෙඳ පොළ වැටලීම් හා වෙළෙඳසැල් පරීක්ෂා කිරීම් ආරම්භ කළ බව පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි.
මේ අනුව දිස්ත්‍රික්ක මට්ටමින් වැටලීම් සිදුකරන බවත්, මීට අමතරව තොග ගබඩා පරීක්ෂා කිරීම සිදුකරන බවත් එම අධිකාරිය පෙන්වා දෙයි. යම් අකටයුත්තක් සිදුවනවා නම් ඒ පිළිබඳව පාරිභෝගික අධිකාරියට පැමිණිලි කරන ලෙසද එම අධිකාරිය ඉල්ලා සිටියි.
මේ අනුව බස්නාහිර පළාතේ සිදුවන සිදුවීම් 0771088914, 0771088907, 0771088922 දුරකථන අංකවලින්ද, දකුණු පළාතේ සිදුවීම් 0771088903 උතුරු මැද පළාතේ සිදුවීම් 0771088895 උතුරු පළාතේ සිදුවීම් 0771088910 සබරගමුව පළාතේ සිදුවීම් 0771088902 ඌව පළාතේ සිදුවීම් 0771088895 වයඹ පළාතේ සිදුවීම් 0771088904 නැගෙනහිර පළාතේ සිදුවීම් 0770110096 හා මධ්‍යම පළාතේ සිදුවීම් 0771088905 යන දුරකථන අංක මගින් දැනුම් දිය හැකිය.