වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් රුපියල් මිලියන අටසිය තිහක මුදලක් වැයකොට උණවටුණේ කෘත්රිම වෙරළක් නිර්මාණය කිරීමේ කටයුතු අද (18) ආරම්භ කරනු ලැබීය.
ලෝකයේ සුන්දරතම මුහුදු වෙරළවලින් එකක් වන උණවටුණ මුහුදු වෙරළ පසුගිය කාලය තුළ මුහුදු ඛාදනය නිසා විනාශයට පත්ව තිබුණි.එනිසා අහිමිව ගිය උණවටුන වෙරළ නැවත තැනීමේ කොන්ත්රාත්තුවලබාගෙන සිටින බෙල්ජියමේ ජෑන් ද නූල් සමාගම විසින් නව වෙරළ තැනීමේ කටයුතු ක්රියාත්මක කරනු ලබයි.
මේ යටතේ එම සමාගමට අයත් නැවකින් රත්මලානේ ගැඹුරු මුහුදින් ලබාගන්නා වැලි උණවටුනට ගෙන ගොස් මුහුදේ සිට ගොඩබිමට වැලි පොම්ප කර නව වෙරළ ඉදිකරනු ලබයි.කිලෝමීටර්යක් දිග නව වෙරළ මීටර් තිහක් පළලට ඉදිකිරීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත.
.jpg)
ගාල්ල - රවිදු දීයගහගේ