උඩවලව වනෝද්‍යානයේ මුවන් දඩයම් කල අයෙකු වනජීවියට හසුවෙයි
මවුආර වනජීවී කාර්යාලයේ නිලධාරින් විසින් උඩවල ජාතික උද්‍යානයේ සිදුකරන ලද හදිසි වැටලීමකදී මවුආර ජලාශය ආසන්නයේ දඩයම් කරන ලද මුවෙකු හා ගිනි අවියක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ .
අදාළ සැකකරු මවුආර ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 41 ක පමණ පුද්ගලයෙකු වන අතර අහු සතුව තිබු ගිනි අවිය T 56 වර්ගයේ උණ්ඩ දැමිය හැකි සේ තැන තිබු බවයි වන ජීවී කාර්යාලයේ නිලධාරින් ප්‍රකාශ කර සිටියේ .
අත්අඩංගුවට ගත් සැකකරු ඇඹිලිපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර මෙම වැටලීම උඩවල උද්‍යාන බාර කරු ආර් ,ඩි, ඩි .සමරනායක මහතාගේ උපදෙස්මත , මවුආර වනජීවී කාර්යාලයේ වනසත්ව අඩවි ආරක්ෂක කේ .පි ,ඩබ්ලිවු , නිශාන්ත ප්‍රේමලාල් ,මහතාගේ ප්‍රධානත්වයෙන් , අඩවි සහකාර කේ ,පි ,සි ,කුමාර . වනසත්ව නියාමක සංජීව පිරිස් , අජිත් කුමාර , ශේත්‍ර සහයක එල් .එච් ,සමන්ත , ඉන්ද්‍ර වංශ සහ රියදුරු බන්දුල රාජපක්ෂ යන ය විසින් සිදුකරන ලදී
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


