උඩරට දුම්රිය මාර්ගයේ ඇතිවු ප්රමාද දෝෂයක් හේතුවෙන් ඊයේ (23) පස්වරුවේ දුම්රිය මඟීන් දැඩි අපහසුතාවයකට ලක්ව තිබේ. කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ප.ව 4.35ට නුවර බලා පිටත්වන සීඝ්රගාමී දුම්රිය කඩිගමුව ගංගොඩ දුම්රිය ස්ථානය ආසාන්නයේදී ක්රියාවිරහිත වීම මෙයට හේතුවී තිබේ. දුම්රිය එන්ජිම ක්රියාවිරහිත වීමෙන් එය යථාත්තවට පත්කිරීමට පැය දෙකහාමාරකට වැඩිකාලයක් ගතවී ඇත.
මේහේතුවෙන් අදාල දුම්රියේ මඟීන් දැඩි අපහසුතාවයකට ලක්ව ඇති අතර දුම්රිය මහනුවර දුම්රිය ස්ථානයට ලඟාවී ඇත්තේ රාත්රී 11 පමණය. දුම්රිය ක්රියාවිරහිත වීම හේතුවෙන් මහනුර දුම්රිය මාර්ගය සම්පුර්ණයෙන්ම ඇණහිට ඇති අතර මේහේතුවෙන් ආදාල මාර්ගයේ ගමන්කරමින් තිබු දුම්රිය 06 ක් පමණ මෙමගින් අපහසුතාවයට ලක්වී තිබේ. අදාල දුම්රිය පසුගිය සතියේද මෙලෙසම අක්රීය වී ඇතිබවත් දුම්රිට මඟීන් අපසුතාවයට පත්නොකරන ලෙසත් දුම්රිය මඟීන් දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටිති.