උකුවෙල - වරාපිටිය බන්නැහැක වලව්වේ පදිංචි උපාධි අපේක්ෂිකාවක වූ ලලනී නදීශා වරාපිටිය (අවු.24) තරුණියගේ අභිරහස් මරණය සිදුකළ බව කියන තරුණයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (09දා) සවස අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු නුගපිටිය පදිංචිකරුවෙකු බව පොලීසිය පවසයි.
සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී පසුගිය මැයි මස 24 වැනි දින මෙම වලව්වේ මංගල උත්සව සාදයක් තිබෙන බව දැනගත් සැකකරු, එදින මධ්‍යම රාත්‍රියේ වලව්වට ඇතුළු වී සියලු දෙනාම නින්දේ පසුවන විට තරුණියගේ කට වසා වලව්වෙන් පිටතට රැගෙන ගොස් තිබෙන බව පාපොච්චාරණය කර ඇත.
පසුව වලව්වට යාබද වන රොදකට තරුණිය රැගෙන ගොස් බලහත්කාරයෙන් දූෂණය කර, ඇයව ඝාතනය කර ඇති බවද සැකකරු පාපොච්චාරණය කර තිබේ.
මාතලේ ඇම්.ඩබ්ලිව්. සෝමරත්න