ඊසානදිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේත් සිහින් වැසි වාර කිහිපයක් ඇති වන බව එම දෙපාර්තමේන්තුව පවසයි.
එමෙන්ම, දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද පවසයි.
ඇතැම් ස්ථානවල (විශේෂයෙන් බස්නාහිර, මධ්‍යම හා ඌව පළාත්වල) විටින්විට හමන තරමක් තද සුළං බලාපොරොත්තු විය හැකි බවද දෙපාර්තමේන්තුව පවසයි.
ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇතිවිය හැකි බැවින් අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.