අහංගම පොලිස් කොට්ඨාසයේදී ඊෂි කෑස් ක්‍රමයට හෙරොයින් අලෙවි කළ 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇතැයි අහංගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක උපුල් වීරසේකර මහතා පවසයි.
මීට අමතරව පුද්ගලයන් නොමැතිව හෙරොයින් සමග අතහැර දමාගිය යතුරු පැදි දෙකක්ද අත්අඩංගුවට ගෙන තිබේ.
අහංගම, හබරාදූව, ඉමදූව හා බෝගහගොඩ පොලිස් ස්ථාන මගින් මත්ද්‍රව්‍ය නිරාවරණයට පියවර ගෙන තිබේ.
හබරාදූව - නිමල් අල්ගෙවත්ත/ ගාල්ල - අමල් වික්‍රමරත්න