ඊශ්‍රායෙල් සාත්තු සේවයට පළමු කණ්ඩායම පිටත් වෙයි
ඊශ්‍රායෙල් රාජ්‍යයට සාත්තු සේවිකාවන් 50ක් යොමුකිරීමේ ව්‍යාපෘතියේ පළමු කණ්ඩායම ලෙස සාත්තු සේවිකාවන් 08 දෙනෙකු සඳහා ගුවන් ටිකට්පත් බෙදාදීම අද (02දා) විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය අතින් සිදුවූ බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
මේ සඳහා කාන්තාවන් 05ක් හා පුරුෂයන් 03ක් ඇතුළත් අතර, මේ අනුව මෙම කණ්ඩායම අද දිවයිනෙන් පිටත්වීමට නියමිත බව එම අමාත්‍යාංශය පැවසීය.
මෙම පිරිස සඳහා වසර 04ක කොන්ත්‍රාත් කාලයක් හිමිවන අතර, අවම වැටුප වශයෙන් ශ්‍රී ලංකා රුපියල් 163,000 හිමිවන බව අමාත්‍යාංශය සඳහන් කර සිටියේය.
ඒ අනුව අයදුම්පත්‍ර 1465ක් යොමුවී ඇති අතර, ඒ අතුරින් සුදුසුකම් සපීරූ 122ක් අතරින් මෙම පිරිස තෝරාගැනීම සිදුකළ අතර, එහිදී ඉංග්‍රීසි භාෂා දැනුම සඳහා ප්‍රමුඛත්වය හිමිවූ බව අමාත්‍යාංශය පැවසීය.
මේ අනුව මෙම තෝරාගත් පිරිස සඳහා දින 45ක සාත්තු සේවිකා පුහුණුවක්, ඉංග්‍රීසි පාඨමාලාවක්, දින 10ක් ඊශ්‍රායල් පුහුණු උපදේශිකාවන් යටතේ පුහුණුවක් හා පරීක්ෂණයක් ලබාදෙන බව එම අමාත්‍යාංශය සඳහන් කර සිටියේය.
මේ අනුව ශ්‍රී ලංකාවේ ගෞරවය ආරක්ෂා වන අයුරින් සිය කටයුතු සිදුකරන ලෙස අමාත්‍යවරිය මෙම හමුවෙමින් වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
මේ අවස්ථාවට කාර්යාංශ සභාපති ආර්.කේ. ඔබේසේකර මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.
(11).jpg)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

