නීති විරෝධී ලෙස ඊශ්‍රායලයේ රැදී සිටිමින් එහි රැකියා කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ඇපකරුවන්ට එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කරන බව විදේශ රැකියා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඔවුන් එලෙස නීතිවිරෝධි ලෙස රැඳී සිටීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ලැබී ඇති ඊශ්‍රාලයේ කෘෂිකාර්මික රැකියා අවස්ථාවලට බලපෑම් ඇති වෙන බවත් විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය පවසයි.
ඒ අනුව නීති විරෝධී ලෙස රැඳී සිටින ශ්‍රමිකයන් වෙනුවෙන් ඇප බැඳුම්කරයට අත්සන් කළ පවුලේ ඥාතිවරයා හා රජයේ රැකියාවක නියුතු පුද්ගලයා වෙනුවෙන් නඩු කටයුතු ආරම්භ කිරීම සඳහා ශී‍්‍ර ලංකා විදේශ රැකියා ඒජන්සිය කටයුතු කරමින් සිටී.
“කෘෂිකාර්මික අංශය සඳහා අවුරුදු 5ක කාලයක් යොදාගත්තේ තායිලන්ත ශ්‍රමිකයින්. වර්තමානයේ ඒ සඳහා යොදාගන්නේ අපේ ශ්‍රමිකයින්. අපේ ශ්‍රමිකයින් ගිවිසුම් කාලයට පසුව නීති විරෝධී ලෙස රැඳී සිටින්න උත්සහ කරනවා. ඒ නිසා දැන් ඊශ්‍රායල රැකියා ලබාගැනීමේ තත්ත්වය අවදානම් තත්ත්වයකට පත්වෙලා තියෙනවා. ඒ අය අපව දැනුවත් කරලා තියෙනවා මේවාගේ කටයුතු කිරීම නිසා ඒ සමාගම් සඳහා රටක් විදිහට ඒ අය ගන්න ප්‍රමාණය වෙනසක් ඇතිවෙන්න ඉඩ තියෙනවා කියලා.
අපි මේ අය යනකොට ඒ පිළිබඳ උපදෙස් දෙනවා. අවුරුද්දකට සැරයක් යන අයව වාර්ෂිකවම යන්න පුළුවන් ඒ තැන්වල වැඩකරලා හොඳ ශ්‍රමිකයින් ලෙස පත්වුනොත්. ඒ නිසා රටේ ගෞරවය ආරක්ෂා කරගෙන නැවතත් දිවයිනට පැමිණෙන ලෙස ඉල්ලා සිටිනාවා” යැයි අමාත්‍යවරිය පවසයි.
2017 වර්ෂයේ ගතවූ මාස 4 තුල 154 දෙනෙකු ඊශ්‍රාලයේ කෘෂිකාර්මික රැකියාවන් සඳහා පිටත්වගොස් තිබේ. ඊශ්‍රාලයේ කෘෂිකාර්මික රැකියා සඳහා මාස 6ක කාලයකට වීසා හිමිවන අතර එම කාලයෙන් පසු නැවත දිවයිනට පැමිණ නැවතත් ඊශ්‍රාල රැකියා සඳහා පිටත්ව යාමට හැකිවේ.