ඉමදූව, දික්කුඹුර හංදිය අසළදී යතුරු පැදියකින් ගමන් කළ පුද්ගලයෙකුට යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි. තම දරුවන් පුද්ගලික පංති සඳහා රැගෙන යමින් සිටියදී මුහුණු ආවරණය කරගෙන පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර තිබේ.
දික්කුඹුරේ පදිංචි 42 හැවැරිදි පුද්ගලයෙකු මෙසේ මිය ගොස් තිබේ. දෙපාර්ශ්වයක් අතර පවතින ආරවුලක ප්‍රතිඵලයක් මත මෙම ඝාතනය සිදුව තිබේ. සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට ගාල්ල දිස්ත්‍රික් නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ විමර්ශන පවත්වයි.