ඉබෝලා වෛරසයට මුහුණදීම සඳහා සෞඛ්‍ය කණ්ඩායම් කිහිපයකට එතෙර පුහුණුවක් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත. ඉන්දියාවේ ප්‍රධාන රසායනාගාරයකදී මෙම පුහුණුව ලබාදෙයි.
ඒ සඳහා තෝරාගන්නා වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සෞඛ්‍ය කණ්ඩායම් ඉදිරි සතිය තුළදී ඉන්දියාවට යැවීමට කටයුතු කරන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.
මේ වනවිට ඉබෝලා රෝගීන් දසදහසකට වඩා ලොව විවිධ රටවලින් වාර්තා වී තිබෙන අතර, මෙම වෛරසය ශ්‍රී ලංකාවට ඇතුළුවීම වැළැක්වීම සඳහා ගතහැකි සියලුම ක්‍රියාමාර්ග ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය.