ඉන්ධන මෙට්රික් ටොන් 86900ක් ගබඩා කළ හැකි ඉන්ධන ටැංකි 10ක් ඉදිකිරීමට රජය සැලසුම් කර තිබේ.
මෙහිදී අදියර තුනක් යටතේ ටැංකි ඉදිකිරීම සිදුවන අතර, පළමු අදියර යටතේ ආරම්භ කරන පෙට්රල් මෙට්රික් ට්රොන් 11200ක් ගබඩා කළ හැකි ටැංකිය ඉදිකිරීමට හෙට (22දා) මුල්ගල තැබීම සිදුකෙරේ. දෙවන අදියර යටතේ ටැංකි 06ක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙන අතර, තුන්වන අදියරේදී ටැංකි තුනක් ඉදිකිරීමට නියමිතය.
මෙහිදී දෙවන හා තුන්වන අදියරේදී ඉදිවන ටැංකි 09 තුළ ගුවන්යානා ඉන්ධන මෙට්රික් ටොන් 11900ක් මෙන්ම ඩීසල් මෙට්රික් ටොන් 12600ක් හා මෙට්රික් ටොන් 5800 බැගින් ගබඩා කළහැකි ටැංකි තුනක් සහ පෙට්රල් මෙට්රික් ටොන් 11200ක් ගබඩා කළ හැකි ටැංකි දෙකක්, භූමිතෙල් මෙට්රික් ටොන් 5600ක් ගබඩා කළ හැකි ටැංකියක් ඉදිකිරීමට සැලසුම් කර තිබේ. කොළොන්නාව නිමාවේ මෙම ටැංකි ඉදිකිරීම සිදුකරන බවද ඛනිජතෙල් සංස්ථාව සඳහන් කළේය.