ජනතාවට අඩු මිලට ඉන්ධන ලබාදීම හේතුවෙන් 2015 වසරේ සිට මේ දක්වා රුපියල් බිලියන 69 පාඩුවක් සිදු වී ඇතැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ මහත්මිය පැවසුවාය.
ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයට එක්වෙමින් නියෝජ්‍ය ඇමතිවරිය මේ බව පවසා සිටියාය.
එසේම රටේ බලශක්ති ඉල්ලුම දිනෙන් දින වැඩිවෙමින් පවතින බවත් ඛනිජ තෙල් සංස්ථාවට රුපියල් බිලියන 67.8ක මුදලක් අයවීමට තිබෙන බවත් ඇය වැඩිදුරටත් පවසා සිටියාය.