ඉන්දීය වෛද්‍යවරුන් මෙරටට පැමිණ උතුරු නැගෙනහිර ප්‍රදේශවල අනවසරයෙන් වෛද්‍ය සායන පවත්වන්නේද යන්න සොයා බැලීමට සෞඛ්‍ය අමාත්‍යාංශ විමර්ශන ඒකකය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
ඉන්දීය වෛද්‍යවරුන් වෛද්‍ය සායන පවත්වන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා මාධ්‍යය මගින් සිදුකරන ප්‍රකාශ සැලකිල්ලට ගනිමින් මෙම පරීක්ෂණය ආරම්භ කර ඇත.
පළ වූ වාර්තා පිළිබඳ වැඩබලන සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය සරත් අමුණුගම මහතාගේ විශේෂ අවධානය යොමුවී තිබෙන අතර,අදාළ පරීක්ෂණය සිදුකරන ලෙසවැඩ බලන සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා විසින් බලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.
විදේශ රටවලින් පැමිණෙන වෛද්‍යවරුන් මෙරට තුළ සේවය කරන්නේ නම්,ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය අනිවාර්යයෙන්ම ලබාගතයුතුය.
මෙලෙස ලියාපදිංචි වන වෛද්‍යවරුන්ට පවා වෛද්‍යසායනයක් පැවැත්වීමේදී අදාළ බලප්‍ර‘‘‘දේශවල රජයේ සෞඛ්‍ය බලධාරීන් දැනුවත් කළ යුතු වේ.