ඉන්දීය විදේශ කටයුතු පිළිබද ඇමතිනිය වන සුෂ්මා ස්වරාජ් මහත්මිය දෙදින නිල සංචාරයක් සදහා අද (මාර්තු 06) දින දිවයිනට පැමිණීමට නියමිතය. මෙම මස 13 වන දින ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සදහා පැමිණෙන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ගමන පිළිබද අවශ්‍ය මූලික කටයුතු සම්පාදනය කිරීම ස්වරාජ් මහත්මියගේ ගමනෙහි අරමුණ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
මෙම ගමනේදී ඉන්දිය විදේශ කටයුතු පිළිබද ඇමතිනිය ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර සහ තවත් රජයේ ඉහළ පෙලේ නිලධාරීන් කීපදෙනෙකුම හමුවී සාකච්ඡා කිරීමට නියමිතය.