ඉන්දීය විදේශ අැමතිනී සුෂ්මා ස්වරාජ් මහත්මිය ඇතුළු ඉන්දීය දූත පිරිසක් දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියානු ගුවන් සේවයට අයත් විශේෂ ගුවන්යානයකින් අද (6දා) සවස කටුනායක බණ්ඩාරනයක ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්තයෙන් දිවයිනට පැමිණියහ.
විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා ගුවන්යානය අසලටම ගොස් ඉන්දීය විදේශ අමාත්‍යවරිය ඉතා උනුසුම් අන්දමින් පිළිගත්තේය.
ලබන 13 දා ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණීමට නියමිත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට පහසුකම් සැලසීම ඇයගේ සංචාරයේ අරමුණයි.
ඉන්දී විදෙස් ඇමතනිය මෙරට රැඳී සිටින කාලය තුළදී අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර යන මහත්වරුන් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
.jpg)
.jpg)
.jpg)
.jpg)