ඉන්දීය නාවික යාත්‍රා 4ක් අද ත්‍රිකුණාමලය වරායට පැමිණීමට නියමිතය.
ටී.අයි.ආර්., කේසරී, සුදර්ශනී සහ ඉන්දීය වෙරළ ආරක්ෂක නෞකාවක් වන වරුණ යන නෞකා මෙලෙස අද දිනයේ දිවයිනට පැමිණන බවද අද සිට ලබන 29 වන දින දක්වා මෙම නවුකා ත්‍රිකුණාමලය වරාය ආශ්‍රීතව පුහුණු වීම් කටයුතු සිදුකරන බවද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් ඉන්දික ද සිල්වා මහතා සඳහන් කළේය. ශ්‍රී ලංකා සහ ඉන්දියාව අතර ඒකාබද්ධ පුහුණු කටයුත්තක් ලෙස මෙය පැවැත්වෙන අතර මෙය මෙම වසරේ පැවැත්වෙන පළමු නෞකා පුහුණු සැසියද වේ.