ශ්රී ලංකාවට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් විපතට පත් ජනතාවට සහන ලබාදීම සඳහා ශ්රී ලංකාවට පැමිණි ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘කර්ච්’ නෞකාවේ කාර්යය මණ්ඩලය කලුතර දිස්ත්රික්කයේ ආපදාවට පත්වූ ජනතාවට සහන සැලසීය.
කළුතර දිස්ත්රික්කයේ උඩුගම සහ ගලපාත යන ප්රදේශ වලට මෙසේ ඉන්දීය නාවික හමුදාවේ සේවය ලබාදුන්නේය. මේ අතර ඉන්දීය ආධාර ශාර්දූල් නෞකාව අද (28දා) දිවයිනට සේන්දු වූ අතර ජලෂ්වා නෞකාව හෙට (29දා) දිවයිනට පැමිණීමට නියමිතය.