අවුරුද්දකට දින 83ක කාලයක් ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ මසුන් ඇල්ලීම සඳහා තමිල්නාඩු ධීවරයින්ට අවසර ලාබාදීමට දෙරටේ ධීවර ප්‍රජාව අතර එකඟත්වයක් ඇතිව තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දු - ශ්‍රී ලංකා ධිවර ගැටලුව විසඳීම සඳහා ඊයේ (24දා) හා අද (25දා) සාකච්ඡා පැවැත්වෙන අතර මෙහිදී ඉහත තීරණය ගෙන තිබේ.
ඉන්දීය ධීවරයින්ට මෙම අවසරය ඉදිරි වසර තුනක කාලයක් සඳහා බලපැවැත්වේ.