ශ්රී ලංකාවේ මුහුදු සීමා උල්ලංඝණය කරමින් මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් 29 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට ශ්රී ලංකා නාවික හමුදාව ඊයේ (21දා) සමත්ව තිබෙනවා.
කච්චතිවු දූපතට නුදුරින් පිහිටි මුහුදු සීමාවේදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දියාවේ පී.ටි.අයි. පුවත් සේවය වාර්තා කළේ.
ඔවුන් ධීවර යාත්රා පහකින් පැමිණ තිබේ. අත්අඩංගුවට ගත් ධීවරයින් තලෙයි මන්නාරමට ගෙන ගොස් ඇති බවත් පී.ටී.අයි. පුවත් සේවය තහවුරු කළා.
ඉන්දු - ශ්රී ලංකා ධීවර ගැටලුව විසඳීම සඳහා දෙරට අතර සාකච්ඡා ඉදිරි 24 හා 25 යන දෙදින තුළදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.