ඉන්දියාවේ සිට බෝට්ටු 4කින් පැමිණි කුඩා දරුවෙකු ඇතුළු ධීවරයන් 14 දෙනෙකු යාපනය නෙඩුන්තීවු මුහුදු තීරයේ මසුන් අල්ලමින් සිටියදී නාවික හමුදාව විසින් ඊයේ (23 දා) අත්ඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් ධීවරයින් යාපනය කයිට්ස් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන දෙසැම්බර් මස 05 වනදා දක්වා බන්ධනාගාර ගත කිරීමට නියෝග කොට ඇත.
ඉන්දියාවේ රාමේෂ්වරන් මුහුදු කලාපයෙන් පැමිණ ඇති මෙම ධීවරයන් සමග බාලවයස්කාර දරුවෙකු කුමන හේතුවක් නිසා රැගෙන එන්නට ඇතිද යන්න පිළිබඳව යාපනය පොලීසිය විසින් පුළුල් පරීක්ෂණයක් පවත්වනු ලබමින් සිටියි.