ශ්‍රී ලංකාවේදී මරණීය දණ්ඩණය නියමූ ඉන්දීය ධීවරයින් නිදහස් කර ඇති බව ද හින්දු පුවත් සේවය වාර්තා කරයි.
මීට සුළු මොහොතකට පෙර එම ප්‍රවෘත්තිය වාර්තා කරමින් ඔවුන් සඳහන් කළේ ඉන්දීය ධීවරයින් පස් දෙනාට තවදුරටත් ඉන්දියාවේදී හෝ සිර දඬුවම් විදීමට අවශ්‍ය නොවන බවයි.
ජාත්‍යන්තර මත්කුඩු ජාවාරමට සම්බන්ධ බව කියමින් ඉන්දීය ධීවරයින් පස් දෙනෙකු ඇතුළු 8 දෙනෙකුට කොළඹ මහාධිකරණය පසුගියදා මරණ දඬුවම නියම කළේය.
කෙසේ වෙතත් මරණ දඬුවම නියම වූ ශ්‍රී ලංකා ජාතිකයින් පිළිබඳව මෙතෙක් තොරතුරු වාර්තා නොවේ.