මන්නාරම් උතුරු මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වූ ඉන්දීය ධීවරයින් 05 දෙනෙකු හා ඔවුන් පැමිණි යාත්රාව ඊයේ (01දා) නාවික හමුදාව විසින් අතඅඩංගුවට ගෙන තිබේ.
උතුරුමැද නාවික විධාන මූලස්ථානයේ වේග ප්රහාරක යාත්රාවක් මගින් අදාළ ඉන්දීය ධීවරයන් පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර, මන්නාරම් මුහුදු සීමාවට රහසිගතව ඇතුළු වී මසුන් ඇල්ලීම හේතුවෙන් මෙසේ නාවික හමුදා අත්අඩංගවට පත්ව තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයන් පිරිස මන්නාරම ධීවර පරික්ෂක කාර්යාලයට බාරදීමට නාවික හමුදාව කටයුතු කර ඇති අතර, මන්නාරම් ධීවර පරීක්ෂක කාර්යාල නිලධාරීන් විසින් ඉන්දීය ධීවරයි මන්නාරම් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.